Monday, July 20, 2020

Modern Indian Theatre (Special Reference: Heisnam Kanhailal / Manipur Theatre )


Draupadi

Photo:http://kalakshetramanipur.org/index.php/2015/09/20/notes-on-draupadi-a-performance-by-kalakshetra-manipur/

In the aesthetics of history, we have long encountered two camps. We can say Western aesthetics and Indian aesthetics. We cannot speak of the aesthetics by forgetting the history of Indian aesthetics in the eastern camp. According to Indian tradition, Indian aesthetics, especially it is described in the drama. We cannot speak Indian drama and performing arts in one set. This is because India is a country of great cultural diversity. In India, in the languages and in the states, they have an inherent culture. Therefore, dramatic art has developed in relation to those states. But in all these states dramatic arts influenced India's culture. It also influenced Indian Traditional Sanskrit drama and Indian aesthetics. Modernism begun in Bengal affected all provinces. Indian modernism also directly affected the arts. Indian modernism changed somewhat from western modernism, but the Indian view of art changed with the meeting of Sanskrit and Western aesthetics. It turned to the modernist road. It was fair to say that change is the cornerstone of colonialism.

We can understand Manipur's play in this manner. Modernism and the combination of Indian aesthetics. Heisnam Kanhailal was the founder-director of Kalakshetra Manipur, a theatre laboratory established in 1969 that explores a new vocabulary in the existing language of theatre. The modernity of Indian theatre reached on the coattails of the British Raj in the mid-nineteenth century. Western education for the Manipur was introduced in the 19th century. But basically, copies of Manipur were used primarily in Bengal (1902 – 1922). Those are translating scripts or else adaptations. They did not have their own Manipur scriptures. Bengali artisans have also participated in the advancement of Manipur dramas. Accordingly, the art of Bengal has been developed by Manipur.  India's modernity was based on Bengal. Accordingly, European modernist ideas became popular in India based on Bengal. The special feature is that Manipur plays to develop it simultaneously.  Early dramas were mainly based on myth. Legends, folk tales, and mythical subjects.

The early dramas were mostly mythological plays taken out of religious texts like Prahlad Charit, Kansa Badha, Sitarbanvas, etc, and performed on an improvised stage, mostly organised by the Education Department. They had their moral implications in the society and the audience enjoyed seeing the real characters before their eyes.[1]

            Narasingh, Lamabam Kamal (1900- 1934), l, Sorokhaibam Lalit Singh (1893-1955) were very famous figurer’s in Manipur plays.  Among the issues, they are subjected to is the issue of the caste Indian people. Sathi Pooja and Hindu society are also special. Kamal was personally victimized by caste conflict and social stratification as prevalent in the Hindu social system and vehemently attacked the social tyranny. Satikhongnang (Sati, the Banyan tree), was created by bam Lalit Singh. It’s about Sati puja. Arambam Dorendrajit Singh (1907 1944) wrote Moirang Thoibi. It was about the love story of Khamba and Thoibi. So we understand that the Indian legends, especially the social dynamics, have become their domain.

       These writers, most of them being the product of the new Western education, have been acquainted with the Western and Sanskrit dramas and Bengali being a major language in their background, they have carried strong influence of these literatures. And fortunately for Manipuri drama. They have built up a school of playwriting on the models they knew.[2]

 

According to this, we see that Manipur has influenced the theatre play with Western education with Sanskrit Aesthetics. The literary renaissance, especially in Bengal, has had a greater impact. With this, we can see Indian mythologies but present in the modern social imagination. Thus we can clearly see the Indian society through mythology through Manipur plays. In the second stage, theatre festivals and playhouses were held at Manipur. It is a great development of Manipur theatre. This increased the relationship between theatre and audiences. Imphal theatre, Prabhat, Rangashree, Metropolitan, Raja Dumbra Memorial Theatre, Roxy, etc. The dramas such mythologies, Social themes and historical, it also addressed social issues. The military situation also arose. Drama in the post-war period is also a matter of opportunity. The effect of the Bengali dramatists is a matter for it. For these best examples are N. Thanin, D.L. Roy and B. Nutan Chandra. They are pioneer artists. Prompter was a big task. He was given all the dialogues. Most dramas discussed good, righteousness, evil and heroism. In this research, the article says about it.

            As most of the plays revolve on good, evil, piety and heroism the social implications of drama on morality was very strong and the audience who devotedly followed the moral codes of the day enjoyed to see the personification of these cates.[3]

The drama category had Western influences. They also influenced William Shakespeare's dramas. Because of this, the drama was a matter of professionalism. Professionalism was influenced by the dramas in large cities such as Kolkata, Chennai, and Mumbai. Manipur dramas, however, have influenced Islamic culture and Hindu culture as well as Manipur tribal cultures. The important point here is the impact of the Bengal renaissance on all these things. Therefore, Western modernity is associated with all cultures. However, their drama was created against backward conditions in society. Especially in Manipur dramas, they try to portray minorities. They concentrate on the Meithei society.

As arcane as some of these references may seem, they form the background to the dominant Hinduisation of Meithei culture and religion. At one level, the evolutionary zeal of some scholars in tracing the Hindu origins of Meithei rites can be dismissed as preposterous; for example, the attempt to trace the origins of the Natyasastra in the Lai Haraoba, which is so clearly a fertility rite.[4]

Manipur drama has a direct connection with the revivalist movement. Also, the renaissance movement is also significant for women and for female participation in Manipur drama. The contribution of women should also be taken into account in the struggle against colonialism. Especially the women's contribution to politics in Assam should be taken into account. This trend has shown the impact of Bengal renaissance. We must not forget that the Bengal Renaissance has directly affected the art of Eagling, although not economically large. Culture is part of politics. And politics must treat art, especially the state, with art. But the vast majority of issues in this state are also viewed by the political as a matter of fact. Instead, cultural diversity should be positively drawn to politics.

 

           

 



[1] Somorendra, Arambam. "Manipuri Drama." Indian Literature 44, no. 2 (196) (2000): 33.

 

[2] Somorendra, Arambam. "Manipuri Drama." Indian Literature 44, no. 2 (196) (2000): 34.

[3] Somorendra, Arambam. "Manipuri Drama." Indian Literature 44, no. 2 (196) (2000): 36.

[4] Bharucha, Rustom. "Politics of Indigenous Theatre: Kanhailal in Manipur." Economic and Political Weekly 26, no. 11/12 (1991): 748.

Tuesday, July 14, 2020

මාධ්‍ය සංස්කෘතිය සහ ළමා ප්‍රචණ්ඩත්වය ( ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය ආශ්‍රිතව)


 

 ✍ විශාකා ඔයාරාව

BA, Mass Media (special) University Of Colombo

MSSC, Mass Communication University Of Kelaniya

 __________________________________


Copyright: PeopleImages


 

1. හැඳින්වීම

 

20 වන සියවසේ අග භාගය වන විට තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය සතු වූ අති දැවැන්ත හැකියාව මත පදනම්ව නිර්මාණය වූ මාධ්‍ය කර්මාන්තය හේතුවෙන් මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය විය. එකී මාධ්‍ය සතු වූ වානිජමය ස්වභාවය හේතුවෙන් අද්‍යතනය වන විට ලාභය උපරිම කර ගැනීම උදෙසා වගකීම් විරහිතව ක්‍රියාත්මක වන මාධ්‍ය බිහි වී ඇත. ඒවා තුළ විකාශනය වන විවිධ මාදිලියේ වැඩසටහන් ඇසුරින් මාධ්‍ය සංස්කෘතියක් බිහි වී ඇත.

 

ශ්‍රී ලංකාව තුළ නූතනයේ පවතින ධනවාදී විවෘත ආර්ථිකයේ විකෘති ස්වභාවය මාධ්‍ය සංස්කෘතිය තුළින් මනාව පැහැදිලි වේ. ලාංකික සමාජය දීර්ඝ කාලීන වශයෙන් දුගීභාවයේ පැවතීමට මාධ්‍ය සංස්කෘතිය සෘජු ලෙස බලපාන බව ආර්ථික විශේෂඥායින්ගේ මතයයි. එනම්, මාධ්‍ය කෙරෙහි ලාංකිකයන් තුළ පවතින අන්ධභක්තියෙන් සහ මිථ්‍යා විශ්වාසයෙන් හේතුවෙන් කිසිදු වගවිභාගයකින් තොරව ඕනෑ ආකාරයේ මාධ්‍ය සංදේශයක් පිළිගැනීම යි.

මාධ්‍ය සංස්කෘතිය ධනාත්මක මෙන් සෘනාත්මක ආකාරයෙන් පුද්ගල සමාජයට බලපායි. අද්‍යතනය වන විට පුද්ගල ජිවිතයේ සියලු ක්ෂේත්‍ර සමඟ මාධ්‍ය සෘජු ලෙසින් සම්බන්ධ වී ඇති බැවින් සමාජය තුළ නිර්මාණය වී බොහෝ ගැටලුකාරි තත්ත්වයන්ට මාධ්‍ය සංස්කෘතිය සෘනාත්මක ලෙස බලපාන බව සිතිය හැකි . අනුව,

 

■         සමාජ සාර ධර්ම පිරිහී යාම

■         ළමා ප්‍රචණ්ඩත්වය බිහි වීම

■         ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය බිහි වීම

■         මත්ද්‍රව්‍ය භාවිතය

■         සියදිවි නසා ගැනීම්

■         විවිධ අපරාධ 

 

ආදි සියල්ල කෙරෙහි මාධ්‍ය සංස්කෘතිය සෘජු හෝ වක්‍ර ආකාරයෙන් බලපා ඇති අකාරයක් හඳුනා ගත හැකි .

මාධ්‍ය රටක සිව්වෙනි ආණුඩුව ලෙසින් අර්ථ නිරූපණය කොට ඇත්තේ සමාජය ප්‍රගමනයේ සුවිශාල කාර්යයභාරයක් මාධ්‍ය සතු වන බැවිනි. එබැවින් කිසියම් සමාජයක ළමා ප්‍රචණ්ඩත්වය බිහි කිරීම සඳහා මාධ්‍ය සංස්කෘතිය සෘජු ලෙසින් දායක වීම ඛේදජනක තත්ත්වයකි. එය සමාජයක ප්‍රබල පසුගාමී ස්වභාවක් ලෙසින් හඳුනා ගත හැකි . මාධ්‍ය මඟින් ගොඩනඟන සංස්කෘතිය සමාජයේ සියලු ක්ෂේත්‍රයක් පුරා ක්‍රියාත්මක වේ. මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරි ශිෂ්‍ය හැසිරීම් සඳහා මාධ්‍ය තුළ ඉදිරිපත් වූ කාටුන්, ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය ආදි මාධ්‍ය සංදේශ ඔස්සේ ගොඩනැඟු මාධ්‍ය සංස්කෘතිය බලපෑ ආකාරය පිළිබඳව මෙම නිබන්ධනය තුළ දී කරුණු අධ්‍යයනය කෙරේ.

 

 

2. සංස්කෘතිය සහ මාධ්‍ය සංස්කෘතිය

 

මානව සම්භවය හා සමගාමීව සංස්කෘතිය බිහි වීම සිදු වූ බව පිළිගැනේ. සියලු සත්ත්වයින් අතුරින් මිනිසා ගුණාත්මක ලෙසින් වෙනස් වීමට මූලික සාධකය වන්නේ මිනිසා සංස්කෘතික ජිවියෙකු වීමයි. අනුව සංස්කෘතිය සහ මානව සමාජය අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවති.

 

මාධ්‍ය යනු සමාජයේ සහ සංස්කෘතියේ අඛණ්ඩව පවතින කොටසක් වේ.”

                                            -  ජෝර්ජ් ගබ්නර් - (කුමාර, 2013).

 

මිනිසා විසින් සිය දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීම උදෙසා සිදු කරන ලද අඛණ්ඩ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසින් සංස්කෘතිය නිර්මාණය වූ බව සිතිය හැකි . Cultus යන ලතින් වචනය ඇසුරින් Culture යන ඉංග්‍රීසි වචනය නිර්මාණය වී ඇත. (කුමාර, 2013).

 

සංස්කෘතිය යන්න සංකල්පයක් ලෙසින් භාවිතයට පැමිණෙන්නේ 17 වන සියවසේ දී පමණ වුවත් මිනිසා සහ සමාජය බිහි වීමේ සිට සංස්කෘතිය බිහි වීම සිදු වූ බව සන්නිවේදඥායින්ගේ අර්ථ දැක්වීම යි. “සංස්කෘතියයන්න විවිධ කාල වල දී විවිධ පුද්ගලයන් විසින් අර්ථ නිරූපණය කර ඇත. එහි පවතින ගතික ස්වභාවය හේතුවෙන් එයට නිශ්චිත අරුත් දැක්වීමක් කළ නොහැකි අතර කාලානුරුපිව නිර්වචන රාශියක් ඉදිරිපත් වී ඇත.

 

. බී. ටයිලර් විසින් (E.B.Tylor)  විසින් රචනා කරන ලදආදි කල්පිත සංස්කෘතිය(Primitive Culture)  කෘතිය තුළ සංස්කෘතිය යන්න අර්ථ දක්වා ඇත.

සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු, දැනුම, ඇදහිලි, කලා, නීති, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජිවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත් අනෙකුත් කුමන විධියක හෝ පුරුදු හා හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි. ”

1944 වසරේ දී බී. මැලිනොව්ස්කි  (B.Malinowski) විසින් රචනා කරන ලදසංස්කෘතියේ විද්‍යාත්මක න්‍යාය” : (Theory of Culture) නම් කෘතිය තුළ සංස්කෘතිය නිර්වචනය කොට ඇත.

උපකරණ, පාරිභෝගික ද්‍රව්‍ය, විවිධ සමාජීය සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ, මානව සංකල්පනා, ශිල්ප, විශ්වාස හා චාරිත්‍රයන්ගේ අනුබද්ධ සමස්තය සංස්කෘතිය වේ.”

 

සංස්කෘතිය යන්න සංකීර්ණ ක්‍රියාවලියක් වන බවත්, සමාජය එකට බැඳ තබන පොදු වටිනාකම්, විශ්වාස, සමාජ ක්‍රියාකාරකම්, නීති, කල්පිතයන් ආදි සියල්ල සංස්කෘතියට අයත් වන බවත් Dynamic of Mass Communication – 2010 වාර්තාව මඟින් අර්ථ නිරූපණය කර ඇත. (ඇතුගල, 2016).

අනුව සංස්කෘතිය පිළිබඳ මෙතෙක් ඉදිරිපත් වී ඇති නිර්වචන සියල්ලෙන් පැහැදිලි වන්නේ මානව සමාජයක් තුළ පවතින සියලු ක්ෂේත්‍රයන් සංස්කෘතිය තුළ නියෝජනය වන බව යි. නූතන මානව පරිණාමයේ දී සංස්කෘතිය විවිධ ප්‍රභේද අනුව වර්ගීකරණය කොට ඇත.

 

■         සාම්ප්‍රදායික සංස්කෘතිය

■         ජන සංස්කෘතිය

■         සම්භව්‍ය සංස්කෘතිය

■         ජනප්‍රිය සංස්කෘතිය

■         මාධ්‍ය සංස්කෘතිය

■         ගෝලීය සංස්කෘතිය

                      ආදිය අතර වේ. (සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ගුරු මාර්ගෝපදේශනය (උසස් පෙළ), 2018).

 

මාධ්‍ය සංස්කෘතිය

 

මාධ්‍ය සංස්කෘතිය කෙරෙහි පදනම් වන්නේ සමාජ සංස්කෘතියයි. අනුව මාධ්‍ය සංස්කෘතිය යනුවෙන් අදහස් වන්නේ, සමාජ සංස්කෘතික ක්‍රියාවලිය තුළ මාධ්‍ය බලවත් වීම හේතුවෙන් සමාජයේ ජිවත් වන සියලු පුද්ගලයන්ගේ, සියලු හැසිරීම් රටා හෝ ඉන් බහුතරයක් මාධ්‍ය සංදේශ මඟින් හසුරුවනු ලබන ස්වභාවයක් නිර්මාණය වීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු සන්නිවේදනය හා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වූ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනය හේතුවෙන් මාධ්‍ය සංස්කෘතිය නව මඟකට යොමු විය. අනුව අද වන විට සමාජය පාලනය කිරිමේ උපක්‍රමයක් ලෙසින් මාධ්‍ය සංස්කෘතිය භාවිත වන ස්වරූපයක් හඳුනා ගත හැකි .

 

මානව පරිණාමයේ බිහි වූ නවතම සංස්කෘතික ප්‍රහේදය ලෙසින් මාධ්‍ය සංස්කෘතිය හඳුනා ගත හැකි . අනුව මාධ්‍ය සංස්කෘතිය නූතන තොරතුරු (විඥාාපන) යුගයට (Infrmation Era) අයත් වේ. 20 වන සියවසේ තෙවන කාර්තුවේ දී මාධ්‍ය සංස්කෘතිය යන වචනය බිහි වූ අතර ඊට අවශ්‍ය සංකල්පීය පදනම නිර්මාණය කරන ලද්දේ වෝල්ටර් බෙන්ජැමින් සහ මාෂල් මැක්ලුහන් විසිනි. මැක්ලුහන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ගෝලියකරණය සංකල්පය විවිධ මාදිලියේ මාධ්‍ය සංස්කෘතීන් නිර්මාණය වීමට සෘජු දායකත්වයක් සපයන ලදි. බටහිර සංස්කෘතිය තුළ මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ අධ්‍යනය කළ විද්වතුන් අතර, තියෝඩර් ඇඩෝනෝ (Theoder Adorno), රෝලන්ඞ් බාත් (Roland Barthes), ජැක් ඩෙරිඩා (Jucques Derrida),  ජිල් ඩෙලුස් (Gille Deluese),  හර්බට් මාර්ක්ස් (Herbert Marcuse), මිචෙල් ෆුකෝ : (Michel Foucault), මැනුවෙල් කැස්ටෙල් (Manuel Castells )වැනි අය වැදගත් වේ. (වීරසිංහ, 2014).

 

මාෂල් මැක්ලුහන් විසින් මාධ්‍ය සංස්කෘතිය සංකල්පය පු`ථල් ස්වභාවයකින් අර්ථ දක්වන ලදි. අනුව ඔහු විසින් මානව ශිෂ්ටාචාරය ප්‍රධාන අවධි තුනකට බෙදා දක්වමින් මෙම සංකල්පය විග්‍රහ කර ඇත.

■         ප්‍රාග් ලිඛිත සංස්කෘතික අවධිය

■         ලිඛිත - මුද්‍රිත සංස්කෘතික අවධිය

■         දෘශ්‍ය සංස්කෘතික අවධි

 

අනුව මිනිසාගේ දෛනික ක්‍රියාකාරිත්වයට දායක වන සියලු මාධ්‍යයන් මාධ්‍ය සංස්කෘතියට අයත් වන බව මැක්ලුහන් පෙන්වා දී ඇත. (කුමාර, 2013).

 

20 වන සියවසේ සිදු වූ කාර්මික සහ තාක්ෂණික දියුණුවත් සමඟ තොරතුරු සන්නිවේදනය පද්ධතිය පු`ථල් වීම හේතුවෙන් සන්නිවේදන මාධ්‍යයන් විශාල වශයෙන් නිර්මාණය විය. සමඟ මානව ජන සමාජයේ සියලු සංස්කෘතික හර පද්ධතීන් නව තාක්ෂණික උපකරණ ඔස්සේ ප්‍රති නිරූපණය වීම ආරම්භ විය. එනම්, මිනිසාගේ සියලු සංස්කෘතික හැසිරිම් සහ සංවේදී මනුෂ්‍ය හැඟීම් (විවහාය, ආදරය, විරහාව, ලිංගිකත්වය වැනි) ජනමාධ්‍ය තුළින් නිරූපණය වීම ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට මාධ්‍ය සංස්කෘතිය විසින් මිනිසාගේ සංවේදී මනුෂ්‍ය හැඟීම් සහ සංස්කෘතික හැසිරිම් විපරිවර්තනයකට ලක් කොට ඇත.

 

අද වන විට මාධ්‍ය තුළ ඉදිරිපත් වන වෙළඳ දැන්වීම, ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, කාටූන් ආදි වැඩසටහන් ආකෘති ඇසුරින් මේ බව හඳුනා ගත හැකි . ක්ෂණික ආහාර වර්ග, ක්ෂණික බිම වර්ග, කෘතිම ආලේපන, විලාසිතා ආදිය ඇසුරින් නූතන මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය වී ඇත. එසේ නූතන දේශපාලන සංස්කෘතිය, ආර්ථික සංස්කෘතිය, ජනප්‍රිය සංස්කෘතිය ආදිය බිහි වීම කෙරෙහි මාධ්‍ය සෘජු මෙන් වක්‍ර දායකත්වයක් සපයනු ලබන බව හඳුනාගත හැකි .

අනුවසුභ අලුත් අවුරුද්දක් වීවා, තෑගී දෙන සාස්තරේ, අතුරුපස චාරිත්‍රය, යෞවනයේ පොපියන චමත්කාරයවැනි තේමා යටතේ ඉදිරිපත් වන වෙළඳ දැන්වීම් ආශ්‍රිතව නිර්මාණය වූ භාෂාමය භාවිතයන් සහ පාරිභෝගිත හැසිරීම් ආදිය නූතන පරිහෝජනවාදි ආර්ථික රටාව තුළ නිර්මාණය වූ මාධ්‍ය සංස්කෘතීන් ලෙස හඳුනා ගත හැකි .

එසේ සියලු මානව චර්යාවන් මාධ්‍ය විසින් මවන ලද නව ජිවන රටාවන්ට අනුගතව ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසින් මාධ්‍ය මඟින් නිර්මාණය කරන ලද භාෂාව, මානව භාෂාව බවට පත් වීමත්, මාධ්‍ය මඟින් නිර්මාණය කරන පුද්ගල හැසිරීම් සාමාන්‍ය ජන ජිවිතයේ පුද්ගල හැසිරීම් බවටත් පත් වීමත් සිදු වී ඇත. අනුව මාධ්‍ය සංස්කෘතිය තුළ පවතින ආවේණික ලක්ෂණ රැසක් හඳුනා ගත හැකි .

 

■         මාධ්‍ය තාක්ෂණය සමඟ ප්‍රලබ සම්බන්ධතාවයක් පැවතීම

■         ගෝලීයකරණය සමඟ සමීපව සම්බන්ධ වීම

■         නව සමාජ අවශ්‍යතාවන් සහ ජිවන රටාවන් ගොඩනැඟීමට දායක වීම

■         සමාජ, ආර්ථික, දේශපාලන ක්ෂේත්‍ර සමඟ අන්‍යෝන්‍ය විම

■         ගතිකත්වයෙන් යුක්ත වීම

■         මාධ්‍යානුසාරි උත්පාදනයක් හා පැවැත්මක් සහිත වීම

■         ව්‍යාපාරික ආධිපත්‍යයක් පැවතීම

                                 (ජනමාධ්‍යවේදය, 2015).

 

සංස්කෘතිය විසින් කාලය සහ අවකාශය ඉක්මවා යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් අද්‍යතන මාධ්‍ය සංස්කෘතිය මඟින් සමකාලීන මානව සමාජය තුළ ඉටු කරන කාර්යයන් හඳුනා ගත හැකි .

■         විඥාාපන කාර්යය

■         සන්නිවේදනාත්මක කාර්යය

■         දෘෂ්ටිවාදී කාර්යය

■         ප්‍රතිෂ්ඨාපන කාර්යය

■         නිර්මාණාත්මක කාර්යය

■         අනුකලනාත්මක කාර්යය

■         අතරමැදි කාර්යය ආදිය ප්‍රමුඛ වේ.

(සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ගුරු මාර්ගෝපදේශනය, 2018).

 

නමුත් ශ්‍රී ලාංකික සමාජය ඇසුරින් මාධ්‍ය සංස්කෘතියේ ඉහත කාර්යයන් ඉටු වීම පිළිබඳ අධ්‍යයනය කිරිමේ පැහැදිලි වන්නේ වානිජවාදි මාධ්‍ය රටාව තුළ නිර්මාණ වී ඇති මාධ්‍ය සංස්කෘතිය සමාජයේ පරිහානියට හේතු වී ඇති බවයි. අනුව මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ සිදු බොහෝ සමාජ විරෝධි ක්‍රියාවලට මූලික පදනම සැකසීම මාධ්‍ය සංස්කෘතිය විසින් සිදු කර ඇති බව තහවුරු වේ.

 

3. ළමා ප්‍රණ්ඩත්වය යනු කුමක් ?

 

1989 නොවැම්බර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියට අනුව, “නීතිය මඟින් අඩු වයසක දී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18 අඩු සියලු මනුෂ්‍යයන් ළමුන් ලෙස සැලකේයනුවෙන් සඳහන් වී ඇත. අනුව වසට අවුරුදු 18 සම්පූර්ණ නොකළ කුඩා ළදරුවාගේ සිට නව යෞවනයා දක්වා සියලු දෙනා ළමුන් ලෙසින් හඳුන්වයි.

ප්‍රචණ්ඩත්වය යන්න සමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ, “තමාට හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ යම් ජන සමාජයකට හෝ විරුද්ධව, හිතාමතා බලය හෝ කායික ශක්තිය භාවිත කිරීම මඟින් ශාරීරික ආබාධ, මානසික ආබාධ, මරණය හෝ වියෝගය ඇති කිරීම හෝ ඇති විය හැකි ලෙසට ක්‍රියා කිරීමයි.” (ankaweb.com – Krug, Dahlberg, Mercy, Zwi & Lozano, 2002&)

 

ප්‍රචණ්ඩත්වය විවිධ ලෙසින් වර්ගීකරණය කළ හැකි . ප්‍රචණ්ඩත්වය සිදු කරනු ලබන ක්ෂේත්‍රය සහ පුද්ගල කණ්ඩායම් අනුව එම වර්ගීකරණය සිදු කළ හැකි . අනුව,

■         ළමා ප්‍රණ්ඩත්වය

■         දේශපාලනික ප්‍රචණ්ඩත්වය

■         ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය

■         සාමුහික ප්‍රචණ්ඩත්වය ආදිය හඳුනා ගත හැකි .

 

ළමා ප්‍රචණ්ඩත්වය බිහි වන්නේ, ළමා අවධියේ දී ඇති වන මානසික ආතතීන් සහ ප්‍රචණ්ඩකාරී අත්දැකීම් මූලික කර ගනිමිනි. අනුව ළමා අවධිය තුළ දී තනි පුද්ගලයෙකු වශයෙන් හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන්, සමාජයට හෝ පුද්ගලයන්ට අහිතකර බලපෑම් ඇති වන ආකාරයේ හැසීරීම් ළමා ප්‍රචණ්ඩත්වය ලෙසින් හඳුනා ගත හැකි . ඕනෑ පුද්ගලයෙකු ළමා අවධියේ දී අත් විඳින පීඩාකාරී සිදුවිම් බුද්ධි වර්ධනයට සෘජු ලෙස බලපාන අතර ඒවා ඔවුන්ගේ සමාජ හැසිරීම් කෙරෙහි සෘනාත්මක අයුරින් බලපායි. මේ බව ලෝක Heavy weight බොක්සිං ශුරතාවය සඳහා පැවති තරගයේ දී මයික් ටයිසන් නමැති ක්‍රීඩකයා විසින් ප්‍රතිවාදි ක්‍රීඩකයා වූ එවැන්ඩර් හොලිෆීල්ඞ්ගේ කන සපා කෑමේ සිදු වීම තුළින් පැහැදිලි වේ. එනම්, මයික් ටයිසන් යනු, මහ පාරේ හැදුණු පුද්ගලයෙකි. ඔහු කුඩා කළ සිට අත්විඳි ප්‍රචණ්ඩකාරී අත්දැකීම් තමාගේ එම හැසීරීමට හේතු වූ බව ඔහු විසින් පවසා ඇත.

 

අනුව ළමයකු තුළ ප්‍රචණ්ඩත්වය ඇති වීමට බලපාන සාධක අතර ඔවුන් ජිවත් වන සමාජ වටාපිටාව, ඇසීමට දැකීමට හා ඇසුරු කිරීමට ලැබෙන දෑ හේතු වන බව පැහැදිලි වේ. ළමයා යනු ස්වභාවයෙන් ප්‍රචණ්ඩකාරී ගති පැවතුම් සහිත වූවකු ලෙසින් මනෝ විද්‍යාව තුළ හැඳින්වේ. ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරි ස්වභාවයන් යටපත් කිරීම අධ්‍යාපනය, ක්‍රීඩාව, ආගම, මාධ්‍ය සංදේශ, කලාව ආදිය තුළින් සිදු කරයි. අනුව කුඩා අවධියේ සිට ළමුන් මාධ්‍ය සමඟ ඉතා සමීපව සම්බන්ධ වන බැවින් තුළ ඉදිරිපත් වන දෑ ඔවුන්ගේ සමාජ හැසිරීමට සෘජු හෝ වක්‍ර ලෙසින් බලපාන බව සිතිය හැකි .

සන්නිවේදනය පිළිබඳ ඇල්බට් බැන්ඩුරා විසින් ඉදිරිපත් කළසමාජ ඉගෙනුම් න්‍යායසහ ජෝර්ජ් ගබ්නර් විසින් ඉදිරිපත් කළරෝපණ න්‍යායපිළිබඳ අධ්‍යයනය කිරීමෙන් ජනමාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ළමා ප්‍රචණ්ඩත්වය බිහි කිරීමට දායක වන ආකාරය හඳුනා ගත හැකි . රූපවාහිනි මාධ්‍යට පුද්ගලයා තුළ යම් යම් සංස්කෘතිකමය ස්වරූපයන් අනුසාරයෙන් යම් යම් දේවල් රෝපණය කිරීමේ හැකියාව පවතින බව ගබ්නර් විසින් රෝපණ න්‍යාය මඟින් ඉදිරිපත් කොට ඇත. එනම් රූපවාහිනි මාධ්‍ය මඟින් සමාජය තුළ ඇති කරන යම් යම් සංස්කෘතික ආධිපත්‍යයන් හේතුවෙන් පුද්ගලයන් තුළ ප්‍රචණ්ඩකාරි හැසිරීම් නිර්මාණය වන බව මෙම න්‍යායෙන් ඉදිරිපත් වේ. අද්‍යතන රූපවාහිනි මාධ්‍ය තුළ ඉදිරිපත් වන Reality වැඩසටහන්, ටෙලිනාට්‍ය, කාටූන් ආදිය හේතුවෙන් නිර්මාණය වී ඇති සංස්කාතික වපසරිය මීට උදාහරණ සපයයි.

ළමුන් බල්ලන්ට සහ සර්පයන්ට ඇති බිය නැති කිරීම සඳහා සිදු කරනු ලැබූ පර්යේෂණ දෙකක් මත පදනම්ව ඇල්බට් බැන්ඩුරා විසින් සමාජ ඉගෙනුම් න්‍යාය ඉදිරිපත් කොට ඇත. කුඩා ළමුන් බල්ලන් සමඟ ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝ පට නිතර නිතර ප්‍රදර්ශනය කිරීම සහ සර්පයන්ට ආදේශක නිර්මාණය කොට ඒවා සමඟ ඔවුන්ට සෙල්ලම් කිරීමට සැලැස්විම තුළින් බිය නැති කිරීම මෙහි දී සිදු විය. අනුව බැන්ඩුරා විසින් න්‍යායාත්මකව ඉදිරිපත් කරනු ලැබූයේ මානවයා තුළ ස්වභාවයෙන් පවතින අනුකරනාත්මක ලක්ෂණ ජනමාධ්‍ය ඔස්සේ දරුවන්ට පෙන්වීම තුළින් ඔවුන් තුළ පවතින චරිත ස්වභාවයන් වෙනස් කළ හැකි බවයි. එනම්, දරුවන්ට යම් යම් දේ පිළිබඳ ඉගැන්වීම සඳහා ඉගෙනුම් කාරකයක් ලෙසින් ජනමාධ්‍ය භාවිත කළ හැකි බවයි. ඕනෑ දෙයක් නිතර නිතර පෙන්වීම තුළින් එය සාමාන්‍යකරණයක් බවට පත් වීම ස්වභාවික තත්ත්වයකිජනමාධ්‍ය තුළින් නිතර නිතර ප්‍රචණ්ඩත්වය සහිත දර්ශන ඉදිරිපත් කිරීම තුළින් ප්‍රේක්ෂපයා තුළින් ප්‍රචණ්ඩත්වය බැහැරව යන බව බැන්ඩුරා විසින් න්‍යායාත්මකව ඉදිරිපත් කරන ලදි. මෙම තත්ත්වය ඔහු විසින්විරේචන සිද්ධාන්තයලෙසින් හඳුන්වනු ලැබී .

 

4. ළමා වැඩසටහන් සහ මාධ්‍ය සංස්කෘතිය

 

රටක් තුළ යහපත් සමාජ තත්ත්වයක් නිර්මාණය වීමට උසස් මාධ්‍ය සංස්කෘතියක් පැවතිය යුතු . පුද්ගලයා විසින් මාධ්‍ය භාවිත කිරිම හා සාපේක්ෂව මාධ්‍ය සංස්කෘතිය ගොඩනැඟේ. අද්‍යතනය වන විට මාධ්‍ය භාවිතය පු`ථල් පරාසයක් තුළ පැතිර පවති. අනුව මාධ්‍යයන් හී පවතින ආවේණික ලක්ෂණ මත පදනම්ව මාධ්‍ය විවිධ ප්‍රභේද යටතේ වර්ගීකරණය කොට ඇත. අනුව මූලික වශයෙන්,

■         සාම්ප්‍රදායික මාධ්‍ය

■         ජන මාධ්‍ය

■         නව මාධ්‍ය

■         සමාජ මාධ්‍ය

■         ගෝලීය මාධ්‍ය

                                 ලෙස වර්ගීකරණය කර ඇත. මේ සියලු මාධ්‍ය ඔස්සේ ග්‍රාහක ගත කෙරෙන මාධ්‍ය සංදේශ ඇසුරු කොට ගෙන මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය වී ඇත. මාධ්‍ය මඟින් ඉදිරිපත් කරනු ලබන මාධ්‍ය සංදේශ ග්‍රාහකත්වයේ ස්වභාවය සහ සංදේශයේ අන්තර්ගතය අනුව විවිධ ශානර (Genres)  යටතේ වර්ගීකරණය කෙරේ. ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, ළමා වැඩසටහන්, කාටූන්, සංවාද හා සාකච්ඡාමය වැඩසටහන්, සංගීත වැඩසටහන් ආදිය යටතේ හඳුනා ගත හැකි . මෙම සියලු ශානර තුළ මාධ්‍ය සංස්කෘතීන් නිර්මාණය වේ.

අද්‍යතනය වන විට ළමා වැඩසටහන් ශානරය මාධ්‍ය තුළ පැහැදිලිව හඳුනා ගත නොහැකි තත්ත්වයකට පත් ඇත. අනුව අද වන විට ළමයාට වැඩිහිටියන්ගේ වැඩසටහන් තුළ පෙනී සිටීමට සිදු වී ඇත. එනම්, අද වන විට ළමා වැඩසටහන් ශානරය බොහෝ මාධ්‍ය තුළ මිශ්‍ර ශානරයක් බවට පත් වී ඇත. රූපවාහිනි ටෙලිනාට්‍ය, ළමා කාටූන්, Reality වැඩසටහන් ආදිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මේ බව පැහැදිලි වේ. මේවා ඇසුරින් අද්‍යතන මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය වී ඇත.

 

2005 වසරට පමණ පෙර ශ්‍රී ලංකාවේ ළමා වැඩසටහන් යටතේ ඉදිරිපත් වූ අඹ යා`ථවෝ, හපනා, සෙල්ලම් ගෙදර වැනි රූපවාහිනි ටෙලිනාට්‍ය , හපන් පැඳුර වැනි සංගීත වැඩසහන් , කුඹිච්චි, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා, පැංචා, වැනි ළමා කාටූන් , මුතුහර, දැනුමයි වාසනාවයි, තක්ෂලාව, හුරුබුහුටි වැනි ළමා වැඩසටහන් තුළ පැවති ගුණාත්මක ලක්ෂණ අද්‍යතන මාධ්‍ය තුළ ළමා වැඩසටහන් යැයි නම් දරන වැඩසටහන් ආකෘති තුළ හඳුනා ගත නොහැකි . ඒවා තුළ පැවති ස්වභාවයෙන් ළමයා විසින් උරුම කර ගත් ප්‍රචණ්ඩකාරි ස්වරූපය යටපත් කිරීමේ හැකියාව නූතන ළමා වැඩසටහන් ශානරය තුළ හඳුනා ගත නොහැක. වෙනුවට ළමයා තුළ වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි ප්‍රචණ්ඩකාරි හැඟීම් උද්දිපනය වන වානිජමය ස්වරූපයේ ළමා සහ වැඩිහිටි වැඩසටහන් මිශ්‍ර ශානරයක් බිහි වී ඇත. මේවා තුළින් ගොඩනැඟෙන මාධ්‍ය සංස්කෘතිය ප්‍රකෝපකාරි ස්වභාවයන්ගෙන් යුක්ත වේ.

ස්වීඩනය, ඩෙන්මාර්කය, නෝර්වේ, කැනඩාව, බෙල්ජියම වැනි රට වල වෙළඳ දැන්වීම් සඳහා ළමුන් යොදා ගැනීම තහනම් කොට ඇත්තේ , ළමුන් සඳහා වන නිෂ්පාදන විකිණීම සඳහා වෙළඳ දැන්වීම් සැකසීම තහනම් කොට ඇත්තේ ඒවා තුළින් ගොඩනැඟෙන මාධ්‍ය සංස්කෘතිය ළමා ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට සෘජු ලෙස බලපාන බැවිනි. එසේ එම රටවල උසස් මාධ්‍ය සංස්කෘතියක් සහ සමාජ සංස්කෘතියක් නිර්මාණය වී ඇත්තේ ඉහළ ආර්ථික තත්ත්වයක් උරුම කර ගෙන ඇත්තේ මාධ්‍ය සංස්කෘතිය විධිමත් ලෙස ගොඩනඟා ගැනීම තුළිනි.

 

5. කාටූන්, ටෙලි නාට්‍ය, Reality වැඩසටහන් සහ ළමා ප්‍රණ්ඩත්වය

 

විචාරවත් ජන සමාජයක් නිර්මාණය කිරීම පසෙකලා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිශතයක් දිනා ගැනීම උදෙසා අද්‍යතන රූපවාහිනි නාලිකාව, ගුවන් විදුලි නාලිකාව සහ පුවත්පත් මාධ්‍ය තරගයක යෙදී සිටි. එහි ප්‍රතිඵලයක් ලෙස ළමා ප්‍රචණ්ඩත්වය පෝෂණය කරන කාටූන්, ටෙලිනාට්‍ය සහ Reality වැඩසටහන් නිර්මාණ වී ඇත.

ළමා කාටූන් සහ ළමා ටෙලිනාට්‍ය ඔස්සේ 2005 වසරෙන් පමණ පසු ඉදිරිපත් වූ සුපිරි වීරයෝ සංකල්පය (Super Hiro Concept) අද වන විට සුපිරි තරු සංකල්පය (Super Stars Concept) දක්වා පරිවර්තනය වී ඇත. සුපිරි වීරයෝ සංකල්පය (Super Hiro Concept)  යටතේ දී කාටූන් වීරයන් සහ ටෙලිනාට්‍ය වීරයන් මෙන් සිතන්නට මෙන් කටයුතු කරන්නට ළමුන් පෙළඹුණි. තුළින් ගොඩනැඟුණු මාධ්‍ය සංස්කෘතිය තුළ සෑම විට ආවේගශීලිව කටයුතු කරන, කෙසේ හෝ ජයග්‍රහණය පමණක් අරමුණු කරන ළමා පරපුරක් බිහි විය. ඔවුන් තුළ ප්‍රචණ්ඩකාරි හැසිරීම් ප්‍රබලව ඉස්මතු විය.

අද වන විට සුපිරි තරු සංකල්පය (Super star Concept)  මත පදනම්ව මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය වී ඇත. එහි දී යමක පවතින තත්ත්වයට (යතා ස්වභාවය) වඩා එහා ගිය ස්තරයකින් ළමයා සියලු දේ දැකීමට හුරු වී සිටි. එනම්, යථාර්ථයෙන් බොහෝ ඈත් පවතින මායා යථාර්ථයක් තුළ නූතන ළමයා ජිවත් වීමට හුරු වී සිටි. මේ හේතුවෙන් බිහි වන ප්‍රචණ්ඩත්වය අපරාධමය ස්වරූපයේ පවතී.

 

■         සියදිවි නසා ගැනීම්

■         තව කෙනෙකුගේ ජිවිත අහිමි කිරිම්

■         දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පහර දීම්

දක්වා ළමා ප්‍රචණ්ඩත්වය ප්‍රබල වී ඇත.

 

අද්‍යතන රූපවාහිනි මාධ්‍ය තුළ විකාශනය වන කාටූන් සහ ටෙලිනාට්‍ය පිළිබඳ විමසා බැලීමේ දී මේ බව පැහැදිලිව හඳුනා ගත හැකි . පාසල, දෙමාපියන්ට වඩා මාධ්‍ය පිළිබඳ විශ්වාසය තැබීමට ළමයා හුරු වී ඇත.

පාසල් ප්‍රේම ජවනිකා මුල් කොට ගත් දේශීය මෙන් ආනයනික මෙගා ස්වරූපයෙන් ඉදිරිපත් වන ටෙලිනාට්‍ය අද වන විට වයස් භේදයකින් තොරව සියලු පාසල් සිසුන් අතර මෙන් දෙමාපියන් අතර ඉතා ජනප්‍රිය වී ඇත. වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනා ගැනීමේ තරගයේ ප්‍රතිඵලයක් ලෙසින් බොහෝ ජනප්‍රිය රූපවාහිනි නාලිකා තුළ එක ගුවන් කාලයක් තුළ එක ආකෘතියකින් ටෙලිනාට්‍ය රැල්ලක් ලෙසින් මේවා විකාශනය කරනු ලබයි. අනුව, හිරු රූපවාහිනි නාලිකාව තුළින් විකාශනය වන සීසන් ටිකට් (ආනයනික ටෙලිනාට්‍ය), හුස්මක් තරමට, අහස් මාලිගා ටෙලිනාට්‍ය දෙරන රූපවාහිනිය ඔස්සේ විකාශනය වන සංගීතේ සහ දෙවනි ඉනිම ටෙලිනාට්‍ය තේමා කොට ගෙන ඇත්තේ එක ආකාරයේ පාසල් පෙම්වතුන්ගේ කතා පුවත් . මේවා ජනප්‍රියත මාධ්‍ය සංඛ්‍යාත හිමි වන ටෙලිනාට්‍ය අපට පත් ඇත. ටියුෂන් සංස්කෘතිය පෝෂණය කිරීමට මෙම ටෙලිනාට්‍ය හරහා මාධ්‍ය සංස්කෘතිය උපකාරි වන බවක් දැකිය හැකි . මෙම ටෙලිනාට්‍ය ඔස්සේ නිර්මාණ වී ඇති මාධ්‍ය සංස්කෘතිය තුළ සිසුන් අපරාධවලට යොමු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි . පසුගිය වසරේ නොවැම්බර් 24 වන දින මාතර ප්‍රදේශයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ප්‍රචණ්ඩකාරි සිදුවීම, අන්තර් පාසල් ක්‍රීඩා තරග අවසානයේ දී සිදු වන පහර දීම් ආදිය මාධ්‍ය සංස්කෘතිය තුළින් පෝෂණය ලැබූ ළමා ප්‍රචණ්ඩත්වය ලෙසින් හඳුනා ගත හැකි .

 

යථාර්ථවාදී වැඩසටහන් (Reality Show) තුළින් නිර්මාණය වන මාධ්‍ය සංස්කෘතිය අද වන විට සමාජයට අහිතකර ලෙසින් බලපෑම් එල්ල කර තිබේ. සිරස රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ Super Mom වැනි reality වැඩසටහන් තුළින් සමාජ සාරධර්ම පද්ධතිය දැඩි ලෙස පසුගාමි තත්ත්වයකට පත් වූ බව පැවසිය හැකි . තම මව කෙරෙහි දරුවකු තුළ උපදින්නේ අසීමාන්තික ගෞරවාන්විත සෙනෙහසකි. නමුත් මෙම වැඩසටහන තුළින් ලාංකික මව සහ දරුවා අතර පැවති ගෞරවාන්විත සබැඳියාව සමාජයේ විවේචනයට ලක් විය. එසේ Hiru Super Hiro, Hiru Super Dancer,දෙරන Little Star වැනි Reality වැඩසටහන් හේතුවෙන් ගොඩනැඟුණු මාධ්‍ය සංස්කෘතිය තුළ ආත්මාර්ථකාමිත්වයෙන් යුතු, පෞරුෂය බිඳ වැටුණු ළමා පරපුරක් නිර්මාණය විය.

කාටූන් නිර්මාණ පිළිබඳ විමසීමේ දී හිරු රූපවාහිනි නාලිකාවෙන් විකාශනය වන Super Shiwa", පීටර් පෑන්, සෝරෝ, දිය දඟයා වැනි කාටූන් වැඩසටහන් , සිරස රූපවාහිනි නාලිකාවෙන් විකාශනය වන ගාෆීල්, මිනි නින්ජා, මරු ඩබල වැනි කාටූන් වැඩසටහන් , හතේ කල්ලිය, සුරයන්ගේ සුරයා (ආනයනික) වැනි ළමා ටෙලිනාට්‍ය ලාංකික ළමයින් අකාලයේ වැඩිහිටියන් බවට පත් කොට ඇති බවත් දැකිය හැකි .

 

ලාංකික පාසල් සිසුන් අතුරින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන් බොහෝ දෙනෙකු ජංගම දුරකතන : (Smart phone) භාවිත කරනු ලබයි. එසේ ඔවුන් අතුරින් බොහෝ දෙනෙකුට සමාජ මාධ්‍ය භාවිත කරනු ලබන අතර ත්‍ Facebook ගිණුම් හිමියන් වේ. Facebook මාධ්‍ය භාවිතය හේතුවෙන් පාසල් සිසුන් සියදිවි නසා ගැනීම්, සයිබර් අපරාධ වලට යොමුවීම, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු විම්, දූෂණ සහ අපරාධ ක්‍රියාවලට යොමු වීම් ආදිය පිළිබඳ තොරතුරු පසුගිය කාලසීමාව තුළ  දී වාර්තා විය. අනුව අද වන විට සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දෙමාපියන් සහ සම වයස් කණ්ඩායම් ඇසුරින් හුදකලා වූ, පරිකල්පන ශක්තියෙන් හීන වූ ශිෂ්‍ය පරපුරක් නිර්මාණය වී ඇත. ඔවුන් සමාජය තුළ ප්‍රචණ්ඩකාරි ස්වභාවයකින් යුක්තව ක්‍රියා කරන ආකාරයක් හඳුනා ගත හැකි .

 

6. ළමා ප්‍රචණ්ඩත්වය බිහි වීමට මාධ්‍ය සංස්කෘතිය බලපා ඇති ආකාර

 

පාසල් සිසුන්ගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම් සහිත සිදුවීම් පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා විය.

■         2018 වසරේ නොවැම්බර් මස 11 වන දින මාතර තිහගොඩ මහාහේන්වත්ත ප්‍රදේශයේ දී උසස් පෙළ හදාරමින් සිටි සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් රසිඳු ගිම්හාන නම් ශිෂ්‍යයා තවත් සිසුවෙකු විසින් පිහියකින් පහර දී මරා දමන ලදි. රසිඳු ගිම්හාන සිසුවාගේ සහෝදරයකුගේ ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇත.

■         2017 වසරේ දී නාවලපිටිය ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකු විසින් සිය අධ්‍යාපන කටයුත්තක් සඳහා ඉන්දියාවට යෑමට සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ තුනක මුදලක් සොයා ගැනීම සඳහා ගුරුවරියකගෙන් කප්පම් ඉල්ලූ සිදුවීමක් වාර්තා විය. පාරේ වැටී තිබූ දුරකතන Memory card පතක තිබූ පාසල් ගුරුවරියකගේ උඩුකය නිරුවත් ඡායාරූප යොදා සකසන ලද ව්‍යාජ facebook ගිණුමක් පෙන්වමින් ඔහු විසින් මෙම කප්පම් මුදල ඉල්ලා ඇත. (ගිණුම වසා දැමීම සඳහා) අසල නිවසේ ජිවත් වන මෙම සිසුවා ප්‍රාථමික අධ්‍යාපනය හැදැරූ ගුරුවරියගේ දියණිගේ ඡායාරූප යොදා ගෙන මෙම සයිබර් අපරාධය ඔහු විසින් සිදු කොට ඇත.

■         අන්තර් පාසල් ක්‍රීඩා තරග අවසානයේ දී පාසල් සිසුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ආකාරය පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. ආනන්ද - නාලන්ද, රෝයල් - ඉසිපතන වැනි පාසල් ගැටුම් මේ අතර ජනප්‍රිය වේ.

■         බේරුවල ප්‍රදේශයේ ශිෂ්‍ය නායකයෙකු හා ශිෂ්‍යයෙකු අතර ඇති වූ ගැටුමක ශිෂ්‍යයා කළ පහර දීමේ දී ශිෂ්‍ය නායකයා මරණයට පත් විය.

■         2011 වසරේ දී පොල්ගහවෙල ප්‍රසේශයේ පාසල් සිසුවෙකු විසින් ප්‍රේම සම්බන්ධතාවක් මුල් කොට ගෙන සිසුන් කිහිපදෙනෙකුට දැලිපිහියකින් පහර දීමක් සිදු කරන ලදි

නව යෞවනත්වය තුළ ප්‍රකෝපකාරි හැසිරීම් සාමාන්‍ය සිදුවීමකි. නමුත් පාසල් ප්‍රේමය දිනා ගැනිම වෙනුවෙන් තව අයෙකු මරා දැමීමට තරම් පාසල් සිසුන්ගේ සිතුවිලි ප්‍රචණ්ඩකාරී වීම අවාසනාවත්ත තත්ත්වයකි. ප්‍රේමයේ රස විඳීම් මෙන් විරහා වේදනා ඉවසීමට අධ්‍යාපනය, කලාව හා මාධ්‍ය සංස්කෘතිය තුළින් සිසුන් හුරු කරවිය යුතු . අද්‍යතන මාධ්‍ය සංස්කෘතිය තුළ නිර්මාණය වී ඇති ගීත නිර්මාණ තුළ, ටෙලිනාට්‍ය නිර්මාණ තුළ ඇත්තේ ප්‍රේමයේ විරහාව  සියදිවි නසා ගැනීමකින් හෝ පලිගැනීමකින් අවසන් වන කතා පුවත් රැගත් තේමාවන් .

ක්‍රීඩාව තුළින් අපේක්ෂා කරනුයේ සහයෝගීතාවය, පෞරුෂය, ඉවසීම, දරා ගැනීම වැනි ගුණාංග ළමුන් අතර වර්ධනය කිරීමයි. නමුත් අහස්මාලිගා, දෙවනි ඉනිම වැනි ටෙලිනාට්‍ය මඟින් ක්‍රීඩාව තුළ ප්‍රණ්ඩකාරි ශිෂ්‍ය හැසිරීම් පෙන්වීම සහ ප්‍රවෘත්ති මඟින් එවැනි සිදුවීම් වීඩියෝ දර්ශන ඔස්සේ ප්‍රචාරය කිරීමේ මාධ්‍ය සංස්කෘතිය ළමා ප්‍රචණ්ඩත්වය පෝෂණය කිරීමට සෘජු දායකත්වයක් සපයයි.

 

ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති සපයන්නා බවට පත් වීම, ප්‍රවෘත්ති විකාශනයන් අතර අංක එක බවට පත් වීම උදෙසා තරග වඳින ප්‍රවෘත්ති මාධ්‍ය සංස්කෘතිය ඔස්සේ ආරක්ෂිත කැමරා දර්ශන මඟින් අපරාධ පෙන්වීම, මාකඳුරේ මධූෂ් වැනි පාතාල නායකයින් සමාජයේ ජනප්‍රිය චරිත බවට පත් කිරීම, අධි සංවේදී සිදුවීම්වලට අදාළ විඩියෝ දර්ශන නොමැති අවස්ථා වල ත්‍රිමාණ සජිවිකරණය හරහා අදාළ සිදුවීම් ඉදිරිපත් කිරීම ආදිය තුළින් පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව අතර ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය සරල සිදුවීමක් බවට පත් කොට ඇත. මේවා ළමා ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරන ප්‍රධාන සාධක ලෙසින් හඳුනා ගත හැකි .

 

7.  නිගමන සහ යෝජනා

 

■         මාධ්‍ය සංස්කෘතිය සමාජයේ තීරණාත්මක සාධකයකි

■         මාධ්‍ය සංස්කෘතිය විධිමත් කිරීම ඔස්සේ ළමා ප්‍රණ්ඩත්වය අවම කළ හැකි

■         ළමා වැඩසටහන් ශානරය ශ්‍රී ලාංකික මාධ්‍ය සංස්කෘතිය තුළ ප්‍රතිස්ථාපනය විය යුතු

■         ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය පු`ථල් ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු

■         මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විධිමත් බඳවා ගැනීම් සහිත ක්‍රියාපටිපාටියක් ඉදිරිපත් විය යුතු .

 

 

8.  සමාලෝචනය

 

අද්‍යතනය වන විට පුද්ගල දෛනික ජිවිතයේ සියලු ක්ෂේත්‍රයන් තීරණය කරන තීරකයා බවට මාධ්‍ය පත් වී ඇත. පුද්ගලයා විසින් මාධ්‍ය පරිහරණය කිරිම ඔස්සේ ගොඩනැඟෙන මාධ්‍ය සංස්කෘතිය සමාජයේ ප්‍රගමනයට දායක විය යුතු . එසේ නිවැරදි මාධ්‍ය සංස්කෘතියක් බිහි වීමට නිවැරදි ලෙසින් මාධ්‍යකරණයේ නියුතු වන දැනුම සහ අත්දැකීමෙන් පරිපූර්ණ මාධ්‍යවේදීන් බිහි වීම සිදු විය යුතු . දේශපාලන හිතවත්කම් මත හෝ වෙන යම් ආකාරයකින් මාධ්‍යවේදීන් බිහි වීම තුළ මාධ්‍ය සංස්කෘතිය සමාජයේ පරිහානියට සෘජු දායකත්වයක් සැපයීමේ තත්ත්වය පුදුම සහගත නොවේ. විශ්ව විද්‍යාල තුළින් මාධ්‍ය සහ සන්නිවේදනය පිළිබඳ විධිමත් ලෙස හැදැරීම් කරන උපාධිධාරීන් ගුරු සේවයේ හෝ වෙනත් වෘත්තියක නියැලෙන පසුබිමක Reality තරඟ ඔස්සේ බිහි වූ තරු, ක්‍රීඩකයන්, ` නිළියන් නිවේදකයින් බවට පත් වීම තුළ ගුණාත්මක මාධ්‍ය සංදේශ බිහි වීම අපේක්ෂා කළ නොහැකි .

නිවේදකයන් හෝ වැඩසටහන් මෙහෙයවන්නන් යනු අනන්‍යතාවයක් සහිත පුද්ගල කණ්ඩායමකි. මුල් යුගයේ රූපවාහිනි, ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයන් වෙළඳ වැඩසටහන් හෝ විශේෂාංග වැඩසටහන් නිවේදනයෙහි නියුතු නොවී . පුවත්පත් තීරු ලිපි රචකයන් විශේෂාංග රචනයෙහි නියුතු නොවී . නමුත් අද වන විට මේ සියල්ල එක පුද්ගලයෙකු විසින් සිදු කරනු ලබයි. මේ හේතුව නිසා ගුණාත්මක බවින් තොර වැඩසටහන් නිර්මාණ වීමත්, විකෘති මාධ්‍ය සංස්කෘතියක් බිහි වීමත් සිදු වී ඇත. මාධ්‍ය විසින් සෘජු හෝ වක්‍ර දායකත්වය ලබා දෙමින් පෝෂණය කළ ළමා ප්‍රචණ්ඩත්වය වැඩිහිටියන්, සමාජය සහ මාධ්‍ය විසින් දිගින් දිගට විවේචනය කිරීම ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය තත්ත්වයකි. අවසාන වශයෙන් වැරදිකරුවන්ට දඩුවම් දීම පමණක්  සිදු කරන නමුත් ළමා ප්‍රචණ්ඩත්වය නිර්මාණය වන්නේ කෙසේ ?, සඳහා බලපාන සමාජ දේශපාලනික කාරණ මොනවා ? ළමා ප්‍රචණ්ඩත්වය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ? ආදිය පිළිබඳ සමාජ කතිකාවන් ඉදිරිපත් නොවේ. මාධ්‍ය පුද්ගල ජිවිත සමඟ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින නිසා සමාජය තුළ සිදු වන යහපත් හෝ අයහපත් කිසිදු සිදුවිමකින් මාධ්‍යට බැහැරව යා නොහැකි . මාධ්‍ය සංස්කෘතිය පුද්ගල ජිවිතයේ සියලු ක්ෂේත්‍රයන් නියෝජනය කරන බැවින් ළමා ප්‍රචණ්ඩත්වය බිහි වීම කෙරෙහි සෘජු හෝ වක්‍ර ආකාරයෙන් මාධ්‍ය සංස්කෘතිය බලපාන බව පැවසීම දෝෂ රහිත . මේ හේතුව නිසා අද වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ සෘණාත්මක විවේචන සහිත තත්ත්වයක .

 

 

 

 

 

9. ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සහ වෙනත් මූලාශ්‍ර

 

කෘති

ඇතුගල, ආරියරත්න.(2016). මහජන මතය හා මාධ්‍ය සංස්කෘතිය, ලාස්ට් පබ්ලිෂන්, දේවානම් පියතිස්ස මාවත, කොළඹ 10.

කුමාර, දර්ශන අශෝක.(2013). ජනප්‍රිය සංස්කෘතිය හා මාධ්‍ය, සුසර ප්‍රකාශන

ජනමාධ්‍යවේදය, ජනමාධ්‍ය අධ්‍යයන සහ විචාර.(2015). මාධ්‍ය පර්යේෂණ අංශය : (CMR)" ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය, හොරණ.

ජිනදාස, මනෝජ් පුෂ්ප කුමාර.(2014). නිර්මාණාත්මක සන්නිවේදනය හා විචාර අධ්‍යයනය, Culture Communication Research Center,  Medamahanuwara.

සන්නිවේනය හා මාධ්‍ය අධ්‍යයනය, ගුරු මාර්ගෝපදේශනය.(2018). ජාතික අධ්‍යාපපන ආයතනය, මහරගම.

 

Web

www.divaina.com 2010.05.11

www.divaina.com 2010. 09.10

www.silumina.lk 2018. 12.01

www.nie.lk

www.hirunews.lk

adaderananews.lk


Asoka Handagama

Ashoka Handagama is one of the pioneering film artists in the second Paradigm of Cinema in the Sri Lankan film industry. He completed his ...